අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ නව අධ්‍යක්ෂක ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පත් කර තිබේ. ජාතික පොලිස් කොමිෂම විසින් අද (07දා) මෙම පත්කිරීම සිදුකර තිබේ.
රහස් පොලීසියේ හිටපු අධ්යක්ෂ සුදත් නාගහමුල්ල මහතා ජ්‍යෙෂ්ඨ පොලිස්පති ධුරයට උසස් කිරීමෙන් පසුව එම ධුරය හිස්විය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියොජ්‍ය අධ්යක්ෂ ලෙස ශානි අබේසේකර මහතා කටයුතු කළේය.
සුප්‍රසිද්ධ මිනී මැරීම් හා කොල්ලකෑම් සම්බන්ධයෙන් වන පරීක්ෂණ කිහිපයක් මෙන්ම සමාජීව වශයෙන් සංවේදි සිදුවීම් පිළිබඳව පරීක්ෂණ රාශියක් ඔහු විසින් සාර්ථකව ක්‍රියාවට නංවා තිබේ.