BRICS රටවලින් ඩොලර් බිලියන 100ක නව බැංකුවක් - ප්‍රථම සභාපති ඉන්දියාවෙන්
BRICS රටවල් පහේ රාජ්‍ය නායකයන් ඇ.ඩො.බිලියන 100ක මූලධනයකින් (රු.බිලියන 13,000ක පමණ) නව සංවර්ධන බැංකුවක් සහ හදිසි අවස්ථාවන් සඳහා යොදාගත හැකි හදිසි සංචිත අරමුදලක් වෙනුවෙන් ගිවිසුම් අත්සන් කර තිබේ.
BRICS කණ්ඩායම ගොඩනැගී ඇත්තේ බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය හා දකුණු අප්‍රිකාව යන රටවල් පහෙනි. මෙවර BRICS කණ්ඩායමේ නවක මුහුණ ඉන්දීය නව අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි ය.
මෙම බැංකුවට අවශ්‍ය ප්රාග්ධනය BRICS රටවල් පහ අතර සම සමව බෙදී යන බවද කියැවෙයි.
මෙම බැංකුවේ මූලස්ථානයේ චීනයේ ෂැංහයි නුවර ඉදිවන අතර, බැංකුවේ ප්‍රථම සභාපතිවරයා ඉන්දියාවෙන් පැමිණීමට නියමිතය.
බ්‍රසීලයේ, ෆෝර්ටලීසා හි ආරම්භ වූ BRICS සමුළුවේදී බ්‍රසීල ජනාධිපතිනී දිල්මා රොවුසෙෆ් නව බැංකුව පිළිබඳ හෙළි කළේය.
මෙම බැංකුවේ ආරම්භයත් සමග එය ලෝක බැංකුව වැනි කලාපයේ මෙහෙයුම් සිදුකරන සෙසු අරමුදල්වලට දැඩි තරගයක් ඇති කරනු ඇති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

