Brexit ජනමතවිචාරණයෙන් පසුව අගමැති කැමරන් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කිරීම නිසා හිස්වන බ්‍රිතාන්‍යය අගමැති පුටු සටන මේ වනවිට වඩාත් උණුසුම් මුහුණුවරක් ගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතු බවට පසුගියදා පැවති ජනමතවිචාරණයේදී එරට ජනතාව ප්‍රකාශ කිරීමත් සමග එරට තුළ දේශපාලන කුණාටුවක් හමා යමින් තිබේ.
එහිදී, මුලින්ම කන්සර්වේටිව් පක්ෂ නායකත්වය සඳහා එරට ස්වදේශ කටයුතු පිළිබඳ ලේකම් තේරේසා මේ සහ අධිකරණ ලේකම් මයිකල් ගෝව් අතර මේ වනවිට තරගයක් උද්ගත වී ඇති බව කියැවෙයි. මීට පෙර තේරේසා හා හිටපු ලන්ඩන් නගරාධිපති බොරිස් ජොන්සන් මේ තරගයේ සිටියත් පසුව, බොරිස් ඉන් ඉවත්වන බව ප්‍රකාශ කළේය.
එමෙන්ම, විපක්ෂ නායකයා වීමේ සටනද වඩාත් කැපී පෙනෙන මුහුණුවරක් ගෙන තිබූ අතර, මුලින් කම්කරු පක්ෂයේ නායකයා මෙන්ම, හිටපු විපක්ෂ නායක කෝබියන් ඊට ඉදිරිපත් වුවද, ඔහුට එරෙහිව ආ දෝෂාභියෝගය ඒ ගමනට යම් බාධා කිරීමක් කර තිබුණි. මේ තත්ත්වය තුළ බ්‍රිතාන්‍ය ඡායා කැබිනෙට්ටුවේ ව්‍යාපාර කටයුතු පිළිබඳ ලේකම්වරිය වූ ඇන්ජෙලා ඊගල් මේ වනවිට එම ධුරය සඳහා ඉදිරිපත්ව සිටින්නීය.
කෙසේ වෙතත්, කෝබින්ට අභියෝගයක් කිරීමට ඇයට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ තවත් මන්ත්‍රීවරුන් 51 දෙනෙකුගේ සහාය හිමිවිය යුතුව ඇත.
පසුගිය ජූනි 24 වැනිදා පැවති ජනමතවිචාරණයේදී බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු බවට 52% ක ජනතාවක් පවසද්දී, 48% ක ජනතාවක් රැඳී සිටිය යුතු බවට ඡන්දය ප්‍රකාශ කර තිබුණි.