ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ Asian Infrastructure Investment Bank (AIIB) ආරම්භක සාමාජිකයෙකු වශයෙන් එක්වන ලෙසට ශ්‍රී ලංකා රජයට නිල වශයෙන් ආරාධනය කර තිබේ.
තිරසාර ආර්ථික හා සමාජ සංවර්ධනයක් ආසියාව තුළ සහතික කරනු පිණිස හා ඉදිරියේ ඇති විය හැකි මූල්‍ය අර්බුද හා වෙනත් බාහිර කම්පනයට එරෙහිව කලාපීය නම්‍යතාව ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින් චීන ජනාධිපති ෂී ජින්පින් මහතාගේ යෝජනාවක් අනුව එය පිහිටු වීමට නියමිතය.
ශ්‍රී ලංකාව දැනට ලොව විශාලතම බහුපාර්ශ්වික සංවර්ධන මූල්‍ය ආයතන දෙක වන ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුවේ ආරම්භක සාමාජිකයෙකු වෙයි.
ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව ස්ථාපනය කිරීම ආසියානු ආර්ථිකයන් තනිව මුහුණු දෙන්නා වූ මූල්‍යමය අවහිරතා ඉවත් කරමින් හා අවශ්‍ය කරන අතිරේක සම්පත් ආසියාව තුළින් හා ආසියාවට පිටතින් ඒකරාශී කිරීමට උපකාරී වන අතර පවත්නා බහුපාර්ශවීය බැංකු සඳහා ඌන පූරකයක්ද වනු ඇත.
මෙහි ආරම්භක සාමාජිකයන් ලෙස එක්වීමට කලාපයේ රටවල් 22ක් තම කැමැත්ත පළ කොට තිබේ.