තද උණ කැස්ස හා හුස්ම ගැනීමේ අපහසුතා මතුකරමින් මේ දිනවල පැතිර යන ශ්වසන ආසාදනය අලුත් තත්ත්වයක් නොව මීට කලකට පෙරත් ඇතිවූ AH1N1 වෛරසය ආසාදනය වීමෙන් ඇතිවන්නක් බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වසංගත විද්‍යා විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය පවසයි.
AH1N1 වෛරසය ඉන්දියාවේදී දැඩිව පැතිර යමින් පැවතීම මෙරට ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් වැඩිවීමේ යම් අවදානමක් ඇති කරවන අතර මේ වනවිට දිවයින පුරා රෝහල් ගණනාවකින් ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් වාර්තා වී තිබෙන අතර රෝගීන් 10 දෙනෙකු මේ වසරේ පසුගිය මාස හතර කාල පරාසය තුළ මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ තොරතුරු අවධාරණය කරයි.
ඉන්ෆ්ලුවෙන්සා රෝගය ඇති කරන වෛරසය අලුත් වෛරසයක් නොවන අතර මෙය කලින් කලට හිස ඔසවන AH1N1 වෛරසය පදනම් කරගත් තත්ත්වයකි.
ගැබිනි මවුවරුන්, කුඩා බිළිඳුන් මෙන්ම වයෝවෘද්ධ පුද්ගලයන්ට මරණීය සංකූලතා ඇති කිරීමට සමත් මේ ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වය පිළිබඳ සැක කටයුතු රෝග ලක්ෂණ මතුවූ වහාම වෛද්‍ය උපදෙස් ගැනීම සංකූලතා අඩු කර ගැනීමට හා ඉක්මන් සුවයකට හේතු වන අතර, වැඩිපුර ජනයා ගැවසෙන ස්ථානවල ගැවසීමෙන් ද නිසි පරිදි දෑත් පිරිසුදු නොකර මුහුණ පිසීම වැනි පිළිවෙත් නිසාද මේ වෛරසය හුවමාරු විය හැකි යැයි සෞඛ්‍ය තොරතුරු පවසයි.
මෙම වෛරස උණ රෝගය අතර ඉන්ෆ්ලුවෙන්සා AH1N1, ද පැතිර පවතින බැවින් බරපතළ ලෙස රෝගය උත්සන්න වීමට පෙර තද උණ කැස්ස සමග හුස්ම ගැනීමේ අපහසුතාවද පවතින විට වහා වෛද්‍ය උපදෙස් පැතීමට අමතක නොකරන්නැයි පළිහවඩන මහත්මිය අවධාරණය කරයි.