ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) විශේෂඥයන් පසුගිය වසරේ චීනයේ කොරෝනා වෛරසය පැතිරීමේ කේන්ද්‍රස්ථානය වූ හුවානාන් මුහුදු ආහාර වෙළෙඳ පොළ සහ වූහාන් හි රෝහල් දෙකක් නැරඹීමට ගිය බව චීන සෞඛ්‍ය අංශ උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කරයි.
ඔවුන් එහිදී ඉදිරි පෙළ වෛද්‍යවරුන් හමුවී, මුල් කාලීන රෝගීන් සමගද කතා කර ඇති බව ජාතික සෞඛ්‍ය කොමිසමේ ප්‍රකාශක මයි ෆෙන්ග් මාධ්‍ය හමුවකදී පැවසීය.
දින 14ක නිරෝධායනයකින් පසු, ලොව පුරා විද්‍යාඥයන් 13 දෙනෙකුගෙන් සමන්විත ලෝක සෞඛ්‍ය සංවිධානයේ නායකත්වයෙන් යුතු කණ්ඩායම සිකුරාදා චීන විශේෂඥයන් සමග සිය ක්ෂේත්‍ර පර්යේෂණ ආරම්භ කළහ.
ඔවුන් සංචාරය කළ රෝහල් දෙක වන්නේ ඒකාබද්ධ චීන හා බටහිර වෛද්‍ය විද්‍යා හුබෙයි පළාත් රෝහල සහ වුහාන් ජිනින්තාන් රෝහලයි. වෛරසය චීනය තුළ පැතිර යාමේ මුල් දිනවල රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රධාන සටන් මධ්‍යස්ථාන දෙක වූයේ මෙම රෝහල්ය.
මුහුදු ආහාර වෙළෙඳ පොළ යනු චීනයේ පළමු කොවිඩ්-19 රෝගීන් සොයාගත් ස්ථානයයි.
කෙසේ වෙතත් පර්යේෂකයන්ට අනුව, නව කොරෝනා වෛරසය කලින් තේරුම් ගත් ප්‍රමාණයට වඩා පුළුල් භූගෝලීය ව්‍යාප්තියක් ඇති බවට නවතම සොයා ගැනීම බවද එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.