කොවිඩ්-19 වෛරසය සම්බන්ධයෙන් සොයා බැලීමට පැමිණෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) විශේෂඥ කණ්ඩායමක් පිළිගැනීමට චීනය සූදානම් බව එරට ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය නිලධාරියෙක් පවසා තිබේ.
චීනය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය විමර්ශනයේ නිශ්චිත විධිවිධාන පිළිබඳව එකඟතාවකට පැමිණ ඇති බව ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාවේ නියෝජ්‍ය ප්‍රධානී සෙන්ග් යික්සින් මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ, චීන විශේෂඥයන් මේ වනවිටත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සගයන් එනතුරු බලා සිටින බව අවධාරණය කරමිනි.
කොරෝනා වෛරසයේ මූලාරම්භය සොයා ගැනීම සඳහා චීනය සෑමවිටම විශාල වැදගත්කමක් ලබා දී ඇති බව සෙන්ග් වැඩිදුරටත් සඳහන් කළේය.