ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) විද්‍යාඥයන් කණ්ඩායමක් කොරෝනා වෛරසයේ මූලාරම්භය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවල කොටසක් ලෙස චීනයේ විද්‍යාඥයන් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට එරට වූහාන් නගරය වෙත ළඟාවූ බව චීනය පවසයි.
එහිදී මෙම වසංගතය දිග හැරුණු ආකාරය සහ අනාගතයේ දී නැගී එන රෝග සඳහා වඩා හොඳින් සූදානම් වන්නේ කෙසේද යන්න ප්‍රතිනිර්මාණය කිරීම මෙම මෙහෙයුමේ අරමුණ බව කියැවෙයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ කණ්ඩායම සිංගප්පූරුවේ සිට ගුවනින් වූහාන් වෙත පැමිණි අතර, ඔවුන් කොරෝනා පරීක්ෂණයන්ටද ලක්විය. එමෙන්ම වූහාන් හි දැනට ක්‍රියාත්මක නිරෝධායන නීතිරීති යටතේ ඔවුන් නිරෝධායන ක්‍රමවේදයන්ද අනුගමනය කරන බව කියයි.
කෙසේ වෙතත් මෙම නිරෝධායන කාලය තුළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයන් සහ චීන විද්‍යාඥයන් වීඩියෝ සම්මන්ත්‍රණයක් හරහා සන්නිවේදනය කරන බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාඕ ලිජියන් ඊයේ පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
චීනය කොවිඩ්-19 වසංගතය තුරන් කිරීම සඳහා දැඩිව හා ප්‍රමුඛත්වය දී කටයුතු කරන රාජ්‍යයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයන්ට පහසුකම් සපයනු ඇති බවද එරට මාධ්‍ය වැඩිදුරටත් පවසයි.