WHO ප්‍රධානියා ට්‍රම්ප්ට පූර්ණ සුවය ප්‍රාර්ථනා කර සිටියි
කොවිඩ්-19 වසංගතය පාලනය කිරීම සඳහා දැඩි උත්සාහයක යෙදෙන ලෝක සෞඛ්‍ය සංවිධානය විවේචනය කළ ඩොනල්ඩ් ට්‍රම්ප් කොවිඩ්-19 ආසාදිත වූ පසුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා විසින් ට්‍රම්ප්ට සහ ආර්යාවට ඉක්මන් හා පූර්ණ සුවය ප්‍රාර්ථනා කර තිබේ.
ඇමෙරිකාව විසින් එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය ඒජන්සිය වන ලෝක සෞඛ්‍ය සංවිධානයට පසුගිය කාලයේ චෝදනා කළේ ඔවුන් චීනයට පක්ෂපාතී බව කියමිනි.
ඒ අනුව එක්සත් ජනපදය හා ලෝක සෞඛ්‍ය සංවිධානය අතර සබඳතා පසුගිය කාලයේ දැඩි ලෙස පළුදු වූ අතර, ට්‍රම්ප් එහි වූ එක්සත් ජනපද අරමුදල් කපා හැරීමට කටයුතු යෙදීය.
ට්‍රම්ප් විසින්ම චෝදනා කළ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රයීසස් විසින් ට්විටර් පණිවුඩයක් යොමු කරමින් මෙම ඉක්මන් හා පූර්ණ සුවය ප්‍රාර්ථනා කිරීම ට්‍රම්ප්ට දෛවයේ සරදමක් බවට පත්ව තිබේ.


popular news
-
Demuni Uduwara Friday, 02 October 2020 07:00 PM
His message and Trump's alle gation is not be mixed up . I dislike this article.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

