USCGC ෂර්මන් නෞකාව ශ්රී ලංකාවට හිම්වේ
එක්සත් ජනපද වෙරළ ආරක්ෂක බලඇණිය විසින් ශ්රී ලංකා නාවික හමුදාවට කලින් USCGC ෂර්මන් නමින් හැඳින්වූ අධි දැරුම් ශක්තියක් සහිත නෞකාවක් භාරදී තිබේ.
ශ්රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ හා එක්සත් ජනපද වෙරළ ආරක්ෂක බලඇණියේ රියර් අද්මිරාල් හේකොක්ගේ ප්රධානත්වයෙන් පසුගියදා මෙම නෞකාව භාරදීමේ උත්සවය සිදුකර තිබේ.
ඒ අනුව, මෙම නෞඛාව ශ්රී ලංකා නාවික හමුදාව සතු විශාලතම නෞකාව වනු ඇති අතර, ඒ මගින් එක්සත් ජනපදය හා ශ්රී ලංකාව අතර ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කරනු ඇති බව ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.
ඉන්දියානු සාගරයේ ඉතා කාර්ය බහුල මුහුදු මාර්ගවල යාත්රා කරන සියලු ජාතීන්ගේ නෞකාවල අතිරේක ආරක්ෂාවක් සපයමින් ශ්රී ලංකාවේ සුවිශේෂී ආර්ථික කලාපය මුර කිරීමේ හැකියාවද මේ නෞකාව නිසා වැඩිවනු ඇති බවත්, මීටර් 115ක් දිගින් යුතු වන අතර, එහි සම්පූර්ණ කාර්ය මණ්ඩලය 167 දෙනෙකු බවද තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසයි.


popular news
-
කපිල Wednesday, 29 August 2018 04:15 PM
රට පාවා දෙන අයට ලොකු අල්ලස් ලැබෙනවා කියන්නේ ඕක තමයි.
Reply : 5 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

