එක්සත් ජාතික පක්ෂය නැවත සක්‍රීය කිරීමට නම් සමගි ජන බලවේගය සමග එකතු කර යුතු බවත්, එහි මූලික පියවර ලෙස එක්සත් ජාතික පක්ෂය සජිත් ප්‍රේමදාස මහත්මයාට භාර දෙන ලෙස ඉල්ලීමක් කරන බවත් එම බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.
ඒ අනුව පක්ෂ දෙකම එකට එකතු වී වැඩ කළ යුතු කාලය එළඹි ඇති බවද ඇතුල්කෝට්ටේ සමගි ජන බලවේග කාර්යාලයේ අද (07දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.
මේ අතර ආණ්ඩුවට විරුද්ධව ජන මතය ශක්තිමත් කිරීමට නම් ආණ්ඩු විරෝධී සියලු දේශපාලන පක්ෂ එක පිලකට ගැනීම සමගි ජන බලවේගයේ අරමුණ බවද සඳහන් කළ තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා,