එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂම ශ්‍රී ලංකා සම්බන්ධයෙන් සඳහන් කරන කරුණු සියල්ලම පිළිගැනීමට රජය සූදානම් නොමැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ මානුෂීය මෙහෙයුමෙන් පසුව ඇතිවූ සිද්ධීන් සම්බන්ධයෙන් ඔවුන් දිගින් දිගටම ප්‍රකාශ නිකුත් කරමින් සිටින බවත් පැවැසීය.
යුද්ධයේදී 60000ක් මිය ගිය බවට ඔවුන් සඳහන් කළත් සත්‍ය එය නොවන බවත් ඔහු ප්‍රකාශ කළේය.