UNHRC ශ්‍රී ලංකාව ගැන යෝජනාව 21 දා සළකා බලයි
ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන ඒක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 40 වැනි සැසිවාරය නියෝජනය කිරිම සඳහා ශ්‍රි ලංකා රජය නියෝජය කරමින් පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ජීනීවා නුවර බලා පිටත්ව යෑමට නියමිතව තිබේ.
විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතාගේ නායකත්වයෙන් යුත් මෙම කණ්ඩායමට පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම, උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන්, විදේශ කටයුතු අමාත්‍ය රවිනාථ ආරියසිංහ, නියෝජ්‍ය සොලිසටර් ජනරාල් ඒ. එන්. පුල්ලේ යන අය ඇතුළත් වෙති.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් සමග පැවැති සාකච්ඡාවකින් පසු මෙම කණ්ඩායම නම් කර තිබේ. මෙම පිරිස ජිනීවා නුවර සිටින ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ඒ.එල්.ඒ. අසීස් හා නියෝජ්‍ය නිත්‍ය නියෝජිත සමන්තා ජයසූරිය මහත්මිය සමග එක්විමට නියමිතය.
මෙම සැසිවාරයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාවට ශ්‍රි ලංකාව සමඅනුග්රහය දක්වා ඇති අතර එම යෝජනාවලිය මාර්තු 21 දා සළකා බැලීමට නියමිතය. එම යෝජනාවලියට පෙරාතුව 20 දා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පුළුල් වාර්තාවක් ඉදිරිපත් කිරිමට නියමිතය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
