දූෂිත බැදුම්කර ගනුදෙනුවට රුපියල් මිලියන 1,000කට ආසන්න මුදලක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා අරමුදල් සැපයීම නිසා, මේ රටේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයට සිදුවන දිගු කාලීන බලපෑම දශක ගණනාවක් පවතිනු ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ අධ්යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අරමුදල් මගින්, පර්පචුවල් සමාගමේ දූෂිත බැදුම්කර වංචාවට රු. මිලියන 1000කට ආසන්න මුදලක් සපයා ඇති අතර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ 2017 වැය ඇස්තමේන්තුව රු. මිලියන 42,000ක් බවත් ඒ අනුව, උසස් අධ්‍යාපනය සඳහා රජය වෙන කර ඇති සෑම රුපියල් 42කින් එකකට සමාන මුදලක් දූෂිත බැදුම්කර මිලදී ගැනීමට යොදා ගෙන ඇති බවත් හෙතෙම සඳහන් කරයි.
එමෙන්ම උසස් අධ්‍යාපන අමාත්‍යවරයා බැදුම්කර හේතුවෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට රු. මිලියන 141ක පාඩුවක් සිදුව ඇතැයි ප්‍රකාශ කර ඇති බවත් නමුත්, එහි දැනට අනාවරණය වී ඇති අවම පාඩුව රු. මිලියන 146 ඉක්මවන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
