නාගරික සංවර්ධන අධිකාරියේ රියැදුවරයෙක් රුපියල් ලක්ෂ පහකට ආසන්න වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමග තලංගමදී අත්ඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය කියයි.
සැකකරු සමඟ කෙරල ගංජා කිලෝ 1 ග්‍රෑම් 710 පොලීසිය භාරයට ගෙන ඇත.
මාතර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන සැකකරු හෝකන්දර යොවුන් පෙදෙසෙහි රුපියල් 15,000 ක දහසක මාසික කුලී පදනම මත නිවසක් ලබාගෙන පදිංචිව සිටින බව ප්‍රශ්න කිරීමේදී කිරිමේ දී අනාවරණය වූ බව පොලිස් නිලධාරී පැවසීය. වයස අවුරුදු 31 සැකකරු කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා තලංගම පොලිසිය වෙත භාරදී ඇත.
බිමල් ශ්‍යාමන්