UAE සහ සිංගප්පූරුවෙන් ප්‍රථම කොවිඩ්-19 මරණ
සිංගප්පූරුවෙන් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ප්‍රථම වරට කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් සිදුවූ මරණ වාර්තා වී තිබේ.
ඒ අනුව සිංගප්පූරුවේ කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක හා පුරුෂයෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 75 හැවිරිදි කාන්තාවක සහ 64 හැවිරිදි පුරුෂයෙකු බව සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඔවුන් දෙදෙනාම ප්‍රාදේශීය රෝහලකදී සිය දිවියට සමුදී ඇත.
සිංගප්පූරු පුරවැසියෙකු එම කාන්තාවට පෙබරවාරි 23දා වෛරසය වැළඳී ඇති අතර, ඇයට නිදන්ගත හෘද රෝග සහ අධි රුධිර පීඩනය යන රෝග පැවතී ඇත. අනෙක් මියගිය තැනැත්තා එරට රැඳී සිටි ඉන්දුනීසියානු ජාතිකයෙකි.
මේ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නව කොරෝනා වෛරසය ආශ්රිත ප්‍රථම මරණ දෙක වාර්තා වී ඇති බව සෞඛ්‍ය හා වැළැක්වීමේ අමාත්‍යාංශය සඳහන් කළේය.
එක් අයෙක් යුරෝපයේ සිට එරටට පැමිණි 78 හැවිරිදි සෞදි ජාතිකයෙකු වන අතර, දෙවැනි තැනැත්තා හෘද රෝග හා වකුගඩු ආබාධයෙන් පෙළුණු 58 හැවිරිදි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පදිංචි ආසියාතිකයෙකි.
සිංගප්පූරුව මෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයද මෙම මරණ සමග නව කොරෝනා වෛරසය පිටුදැකීමට දැඩි පියවර ගනිමින් සිටියි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

