ශ්රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නව අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස ඕෂධ සේනානායක මහතා පත්කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
එම පත්කිරීම අද (20දා) දිනයේදී සිදුකිරිමට නියමිතය තිබේ.ව්යාපාරික හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ සුවිශේෂී දක්ෂතා දක්වා ඇති සේනානායක මහතාට එංගලන්තයේ හා ඇමෙරිකාවේ සේවා පළපුරුද්ද තිබේ.