දෙමළ ජාතික සන්ධානයේ සහය ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලැබෙනු ඇතයි විශාවාස කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවේය.
අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ ඊයේ (02) දින වව්නියාවේ තරුණ තරුණියන්ගේ ගැටලු හා වෙළඳ ප්‍රජාවගේ ගැටලු සමබන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජනහමුවක් වව්නියාව නගරසභා සංස්කෘතික ශාලාවේදී පැවති අවස්ථාවේදීය.
"ඔබලාගෙන් ලබාගත් ඉඩම් ඔබලාට ලබා දීලා තියනවා. ඔබලාගේ දේශපාලන සිරකරුවන් සියලුම දෙනා නිදහස් කරන්න බැරිවුණා. ඒ උසාවිවල නඩුතියන අයයි අනිත් අය අපි නිදහස් කරා. අපි මේ සැරේ බලය ඉල්ලන්නේ ඊළඟ අවුරුදු 5 දී පළමු අවුරුදු දෙක තුළදී ඔබලාගේ සියලුම නිවාස ව්‍යාපෘති ඉවර කරලා ඉඩම් ගැටලු සියල්ලක්ම විසඳන්න.
ඒ නිසා අපි ද්‍රවිඩ සන්ධානයත් එක්ක සාකච්ඡා කරා ඒ අනුව හෙට දිනයේදී එතුමන්ලා තීරණයක් අරගිනියි ජනාධිපතිණයේදී ක්‍රියාකරන ආකාරය ගැන. අපි බලාපොරොත්තු වෙනවා එතුමන්ලගේ සහයෝගය අපිට ලැබෙයි කියලා. ඒ වගේම මට විශාවාසයක් තියෙනවා. ගියවරට වඩා මෙවර විශාල ප්‍රමාණයක් ඡන්ද පොළට ඇවිත් අපිට සහය ලබා දෙයි කියලා.”