TNA සමග රහස් ගිවිසුම් හෝ සාකච්ඡා නෑ - කිරිඇල්ල
රටේ සංවර්ධනය උදෙසා උතුරේ හා නැගෙනහිර දේශපාලන පක්ෂ සමඟ එක්ව ක්‍රියාකරන බවත් දෙමළ ජාතික සන්ධානය සමග රහස් ගිවිසුමක් හෝ රහස් සාකච්ඡාවක් නොමැති බවත් රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන අමාත්‍ය, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.
දෙමළ ජාතික සන්ධානය සමග සාකච්ඡා කළේ විවෘතව බවත් ඔවුන් සමග පැවැති සියලු සාකච්ඡා සඳහා තමන් සහභාගීවූ බවත් ඒ සියල්ලේදී දෙමළ ජාතික සන්ධානය ඉල්ලා සිටියේ දකුණට කරන සංවර්ධනය උතුරට ද හිමිකර දෙන ලෙස පමණක් යැයි පෙරේචා (18දා) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා සඳහන් කළේය.
“අපි පාර්ලිමේන්තුවට තවමත් ව්‍යවස්ථාවක් ඉදිරිපත් කර නැහැ. අපි ඉදිරිපත් කර තිබෙන්නේ යෝජනාවලියක් විතරයි. ව්‍යවස්ථාවක් සම්මත කරනවා නම් එය කෙටුම්පත් කොට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ සම්මතයක් ලබාගත යුතුයි. ඉතිහාසයේ පළමුවෙනි වතාවට ද්‍රවිඩ පක්ෂ පවා ඒකීය රාජ්‍ය සංකල්පය අද පිළිගන්නවා.
එම පක්ෂ බුදුදහමට ප්‍රමුඛස්ථානය හිමිවිය යුතු බවත් පිළිගන්නවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෝ කෙටුම්පතක් ඉදිරිපත් කර නැති මෙම අවස්ථාවක ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ඇතැම් පිරිස් ආණ්ඩුවට චෝදනා කරන්නේ ජනතාව තුළ බොරු බියක් ජනිත කරන්නටයි.”
චමිල් රූපසිංහ
popular news
-
Lal Sunday, 20 January 2019 12:18 PM
මේ අය පවසන දේවල් අප විශ්වාෂ නොකලයුතුයි.
Reply : 0 0
Champa Sunday, 20 January 2019 02:43 PM
මොකොද නැත්තේ? අර යූඑන්පී එකේ නියෝජ්‍ය නායක සහ ඊළඟ ජනාධිපති ධූරපෙක්ෂක සජිත් ප්‍රේමදාස විවෘතවම කියලා තියෙන්නේ එහෙම ගිවිසුමක් ගැහැව්වා කියල. මෙච්චර දවස් මිනිස්සුන්ට තිබ්බේ කුකුසක් නම් සජිත් කෙලින්ම කිව්වා ඒක ඇත්ත කියල. රට පාවල දෙන යූඑන්පී නඩේම Auschwitz පැලැස්සේ (copied from Avantha) සංචාරයකට යවන්න ඕනේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

