ආනයන හා අපනයන ගනුදෙනු පහසු කිරීම සඳහා හඳුන්වාදුන් 'තනි කවුළු මෙහෙයුම් පද්ධතිය’ (Single Window System) විධිමත් කිරීමට කඩිනමින් කටයුතු කරන්නැයි ජාත්‍යන්තර සබඳතා පිළිබඳ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අපනයන සංවර්ධන මණ්ඩලයට උපදෙස් ලබාදෙනු ලැබිය.
ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ඒ මහතාගේ සභාපතිත්වයෙන් අද (19) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මෙම අදහස් ප්‍රකාශ කළේය.
ඒ අනුව, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් ආයෝජකයෙකු අනුමත කිරීමට පෙර, ඊට අදාළ අනුමැති 54 ක් ලබා ගත යුතු බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, කළාපකරණය අනුව අනුමතිය ලබා දීමේ ක්‍රියාවලියක් පිළිබඳව සලකා බැලිය යුතු බවද පෙන්වා දෙන ලදී.
තවද ‘තනි කවුළු ක්‍රමය’ අසාර්ථක වීමට හේතුව නිලධාරීන්ගේ හෝ රජයේ අකාර්යක්ෂමතාව නොව, නෛතික රාමුව තුළ පවතින යම් යම් කරුණු සහ එම ක්‍රියාවලියේ පවත්නා අඩුපාඩු බව පෙන්වා දුන් කමිටුවේ සභාපතිවරයා, ඒ අනුව ඇතැම් නීති නැවත සමාලෝචනය කර සංශෝධනය කළ යුතු බව පැවසීය.
ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව හමුවේ ශ්‍රී ලංකා මහා බැංකුව GSP ප්ලස් සහ යුරෝපය සහ උතුරු ඇමරිකානු කළාප අතර වෙළඳ සබඳතා පිළිබඳව ඉදිරිපත් කිරීමක් කරනු ලැබූ අතර ඒ සම්බන්ධව කරණු මෙහිදී සාකච්ඡාවට ලක් කළේය.
නාමල් රාජපක්ෂ මහතාගේ සභාපතිත්වය යටතේ පැවති මෙම ආංශික අධීක්ෂණ කාරක සභාවේදී තරුණ නියෝජිතයින් ගේ සහභාගිත්වයටද ඉඩ ප්‍රස්ථාව සලසා තිබු අතර ඔවුන්ට සිය ගැටළු සහ යෝජනා ඉදිරිපත් කිරීමට මෙහිදී අවකාශය හිමි විය. ඒ අනුව ආංශික අධීක්ෂණ කාරක සභාවේ කටයුතු සඳහා සහභාගි වූ තරුණ නියෝජිතයෝ සාකච්ඡාවට බඳුන් වූ කරුණු සම්බන්ධයෙන් සිය ගැටළු සහ යෝජනා ඉදිරිපත් කරන ලදී.
රාගෙදර පතල, බෝගල මිනිරන් පතල සහ කහටගහ පතල ශ්‍රී ලංකාව තුළ තිබුනද, එහිදී අගය එකතු කළ නිෂ්පාදන නිපදවීමක් සිදු නොවන බවත් සෘජු පතල් කැණීම් සහ අපනයනය මත පදනම් වූ වෙළඳපොළක් පමණක් පවතින බවත් මෙහිදී තරුණ නියෝජිතයෝ ප්‍රකාශ කළඅතර තානාපති සේවය සඳහා සිදු කෙරෙන බඳවාගැනීම් ආශ්රිත වෘතිමයභාවය පිළිබඳව ද ඔවුහු විමසා සිටියහ.
ඊට පිළිතුරු දුන් කාරක සභා සභාපති නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා ස්ලින්ටෙක් (SLINTEC) සමාගම LOLC සමඟ සමීපව කටයුතු කරන බවත්, දකුණු කොරියානු සහ ජපාන තාක්ෂණ සමාගම් ඔවුන්ගේ කර්මාන්තශාලා මෙරට තුළ ස්ථාපිත කිරීම සඳහා සාකච්ඡා කර ඇති බවත්ය. අපේක්ෂිත සංවර්ධනයක් නොපෙන්වුවද, වෙළඳපොළක් ඇති කිරීම සඳහා කර්මාන්ත සම්බන්ධ කර ගනිමින් ක්ෂේත්රය සංවර්ධනය කිරීමට සඳහා අදාළ බලධාරීන් කටයුතු කරමින් සිටින බව කාරක සභා සභාපතිවරයා ප්‍රකාශ කළේය.
තානාපති සේවය සඳහා සිදු කෙරෙන බඳවා ගැනීම් ආශ්රිත වෘතිමයභාවය පිළිබඳ අදහස් දැක්වූ විදේශ කටයුතු අමාත්‍යාංශය නියෝජනය කරමින් පැමිණ සිටි නිලධාරීන් පැවසුයේ එම බදවාගැනීම් රජයේ පිළිගත් ක්‍රමවේදයක් අනුව සිදු කෙරෙන බවත්, එලෙස බඳවා ගනු ලබන නිලධාරීන් සඳහා පුහුණු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන බවත්ය. එහෙත් එසේ දෙනු ලබන පුහුණු වැඩසටහන් සඳහා අධික පිරිවැයක් දරන්නට සිදුවන බවත්, යම් යම් ප්‍රයෝගික ගැටළු පවත්නා බවත් මෙහිදී ප්‍රකාශ විය.
එහිදී අදහස් දැක්වූ කාරක සභා සභාපති නාමල් රාජපක්ෂ මහතා තරුණ නියෝජිතයන්ට සිය අදහස්, යෝජනා කමිටුව වෙත ලබා දෙන ලස පැවසු අතර විදේශ කටයුතු අමාත්‍යාංශය නියෝජනය කරමින් පැමිණ සිටි නිලධාරීන්ටද ඔවුන් මුහුණ පා සිටින ගැටළු තත්වයන් පිළිබඳ වාර්තවක් කමිටුවට ඉදිරිපත් කරන ලෙස යෝජනා කරනු ලැබීය.