පොලිස් විශේෂ කාර්ය බළකායේ නව අණදෙන නිලධාරී වශයෙන් නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා රාජකාරී ආරම්භ කර තිබේ.
2001 වසරේදී සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස පොලිස් සේවයට එක්ව ඇති වරුණ ජයසුන්දර මහතා 2002 වසරේදී පොලිස් විශේෂ කාර්ය බළකායට එක්ව තිබේ.
පොලිස් විශේෂ කාර්ය බළකායේ වසර 14ක කාලයක් සම්පූර්ණ කර ඇති ඔහු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුර දක්වා උසස්වී තිබේ.
පසුව ඔහු සාමාන්‍ය පොලිස් රාජකාරී සඳහා උතුරු ප්‍රදේශයට පිටත්ව ගොස් තිබේ. 2018 වසරේදී නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස්වීම් ලද වරුණ ජයසුන්දර මහතා විශේෂ කාර්ය බළකාය තුළ බුද්ධි කොට්ඨාසය මෙහෙයවමින් කැපී පෙනෙන සේවයක් සිදුකර තිබේ.
