ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ජනාධිපතිවරයා යටතට පවරාගත් අති විශේෂ ගැසට් නිවේදනය බලශූන්‍ය කරන ලෙස සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ පෙත්සම් දෙක විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (4දා) අවසර ලබා දෙන ලදී.
එම පෙත්සම් ලබන වසරේ ජුනි 10 වැනිදා විභාගයට ගැනීමට ද අධිකරණය තීන්දු කරන ලදී.
ශ්‍රේෂ්ඨාධිකරණය මේ බව දැනුම් දුන්නේ පෙත්සම් විභාගයට අවසර ලබා දෙන්නේද නැත්ද පිළිබඳ නියෝගය අද ප්‍රකාශයට පත් කරමිනි.
මෙම පෙත්සම් බුවනෙක අළුවිහාරේ ,මුර්දු ප්‍රනාන්දු සහ එල්.ටී.බී දෙහිදෙණිය යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ විභාගයට ගත්තේය.
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල හිමි සහ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා ගොනු කර ඇති මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නීතිපති නම් කරනු ලැබ ඇත.