මෙවර අයවැය ඒකාබද්ධ විපක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු සියලු දෙනා ඒකරාශි වී පරාජය කරනු ඇතැයි ජනතාවගේ විශ්වාසයක් පැවැති බවත් එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු ජනතා පැතුම ප්‍රතික්ෂේප කළ බවත් හිටපු අමාත්‍ය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක ජී. එල්. පීරිස් මහතා පැවසීය.
රංගිරි දඹුලු රජමහා විහාර සහ ශ්‍රී විෂ්ණු දේවාලයේ භාරකාර ගම්බා පිරිවෙනෙහි අධ්යක්ෂ අඹගස්වැවේ ශ්‍රී රාහුල හිමියන් අද (7දා) දින බැහැදැකීම සඳහා පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂ විරෝධී බලවේගයක් වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අප්‍රේල් 10 දා පැවැත්වීමට නියමිත සාකච්ඡාව ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක බවත් ඔහු කියා සිටියේය.
වර්තමානයේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් හැසිරෙන ආකාරය සහ වචන ප්‍රකාශ කරන ආකාරය පිළිබඳව බරපතළ ප්‍රශ්න රැසක් මතුව ඇති බවද හිටපු අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒස්. කරුණාරත්න
