ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ බලය ඇල්ලීමට පිරිසක් සිටින බවට සඳහන් වුවත් එම ප්‍රකාශවල සත්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයක් සකස් කරගෙන තිබෙන බවට යම් කණ්ඩායමක් ප්‍රකාශ කරන බවත්, ඉතිහාසය පුරා මෙවැනි ආකාරයේ දේවල් සිදුවූ බවත් හෙතෙම පවසා සිටියේය.
මේ ආකාරයට කටයුතු කළ බොහෝ දෙනෙකු පසුව එක්සත් ජාතික පක්ෂයට එක්වූ බවත්, පක්ෂය ශක්තිමත් ලෙස ඉදිරියට ගමන් කළ බවත් අද (03දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේය.