ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක තනතුරේ කටයුතු කළ ඩිලාන් පෙරේරා මහතා ඉවත් කර එම තනතුරට අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පත් කර තිබේ.
හිටපු මාධ්‍ය ප්‍රකාශකවරයා 16 දෙනාගේ කණ්ඩායම නියෝජනය කිරීම හා ඊයේ (02දා) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීම සැලකිල්ලට ගෙන මෙම ඉවත් කිරීම සිදුකර තිබෙන අතර, මෙම තනතුරට මහින්ද සමරසිංහ මහතා පත් කර තිබෙන්නේ පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් බවට වාර්තාවේ.
