SLFP මන්ත්‍රී පිරිසක් හෙළ උරුමයට?
චම්පික රණවක අමාත්‍යවරයාගේ නායකත්වයෙන් යුත් ජාතික හෙළ උරුමය පක්ෂයට ශ්‍රී.ල.නි.ප මෛත්‍රී පිලේ දැනට කටයුතු කරන මැති ඇමැති පිරිසක් එක්වීමේ සූදානමක් ඇතැයි වාර්තා වෙයි.
දැනට ශ්‍රී.ල.නි.පයේ මන්ත්‍රී කටයුතු කරන පොහොට්ටුවට හෝ එ.ජා.පයට සෘජුව එක්වීමට අකමැති මෙම මැති ඇමැති පිරිස සිව්දෙනෙකු පමණ විය හැකි බවද දැනගන්නට ඇත. ඉදිරි මහ මැතිවරණය ආසන්නයේ මොවුන් ජාති හෙළ උරුමය සමග එක්වනු ඇතැයි දේශපාලන අංශ ආරංචිමාර්ග කියයි.
ඒ ගැන දැනටමත් තමන් ඇතුළු පිරිසක් මූලික සාකච්ඡා කර ඇතැයි ගම්පහ දිස්ත්‍රික් රාජ්‍ය අමාත්‍යවරයකු පසුගිය සතියේ සිය පාක්ෂිකයන්ට ප්‍රකාශ කර තිබිණි.
දේශපාලන වාර්තාකරු (ඉරිදා දේශය)

popular news
-
කපිල Monday, 09 July 2018 12:01 AM
වැලේ වැල් නැත යන්ට තැන් නැත අනේ අප හට කුමක් වීදෝ .............
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

