ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් සංවිධායක වරුන්ගේ සභාපති කිත්සිරි හෙට්ටි ආරච්චි මහතා ඇතුළු පිරිසක්, විජයවාදී මහජන පෙරමුණේ, විජය කුමාරතුංග මහතාගේ සහෝදරිය රූපා කුමාරතුංග ඇතුළු පිරිසක්, ඒක්සත් ජනතා කොන්ග්‍රසයේ දිගම්බරන් දේවේන්දු ඇතුළු පිරිසක් මෙන්ම ඩග්ලස් දේවානන්ද මහතාගේ ඊපීඩිපී පක්ෂයේ සමාජිකයන් පිරිසක්, පිල්ලෙයන්ගේ දේශපාලන පක්ෂයේ සමාජිකයින් පිරිසක් ඉදිරි ජනපතිවරණයේදී සිය සහාය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට තීරණය කර තිබේ.
මෙම පිරිස අද පෙරවරුවේ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ මාධ්‍ය ඒකකයේ පැවැති අද (29දා) පැවැති මාධ්‍ය හමුවකදී ඔවුන් මෙසේ සිය සහයෝගය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට තීරණය කළේය.
මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් ප්‍රකාශ කළේ, ඔවුන් කිසි ලෙසකවත් ශ්රීලනිපය හැර නොයන බවත්, මෙවර මැතිවරණයේ දී සජිත් ප්‍රේමදාසට සහය පළකරමින් ඡන්දය ලබාදෙන බවත්ය.
එසේම ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළ හොත් එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසානය බවද ඔවුහු ප්‍රකාශ කළහ.