SLFP 16 ලබන සතියේ සිට ඒකාබද්ධය සමග
ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනා ලබන සතියේ සිට පාර්ලිමේන්තුවේදී ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්රී ජෝන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.
මීට අමතරව පාර්ලිමේන්තු කතා කාලය වෙන් කිරීමේදී 16 කණ්ඩායමට කාලය වෙන් කර ගැනීමට කටයුතු කරන බවත්, එය විපක්ෂයට වෙන් වී තිබෙන කාලයෙන් ලබාගත හැකි බවත් ඔහු පවසා සිටියේය.
තම කණ්ඩායමේ 16 දෙනාටඒකාබද්ධ විපක්ෂය සමග පාර්ලිමේන්තුවේදී කටයුතු කිරීමට අමතරව රට තුළ දේශපාලනය කිරීමටද හැකියාව ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.
ඒකාබද්ධ විපක්ෂයේ සමහර පිරිස් 16 දෙනා ගැන විවිධ ප්රකාශ සිදු කළද ඒකාබද්ධ විපක්ෂයේ ප්රධානීන් සමග 16 දෙනා සමීපව කටයුතු කරන බවත්, මේ නිසා කණ්ඩායම් දෙක එකතු වී ඉදිරියට යෑමට බාධාවක් ඇති නොවන බවත් මන්ත්රීවරයා පවසා සිටියේය.
ප්රගතිශීලී ආණ්ඩුවක් ඇති කරගැනීමේ ගමනේදී එකට අත්වැල් බැඳගෙන යෑම විශාල ශක්තියක් බවත්, පාර්ලිමේන්තුවේදී කණ්ඩායම් දෙක එකතු වූ පසු විශාල ශක්තියක් ඇති වන බවද හෙතෙම පවසා සිටියේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

