SLFP මැයි රැලියට MRටත් ආරාධනා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින සැමරුමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින කමිටුවේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේය.
මීට අමතරව ඒකාබද්ධ විපක්ෂයේ සිටින සියලුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන්ටද ආරාධනා කරන බවත්, මැයි දින සැමරුම ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී පවත්වන බවත් අද (02දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම පවසා සිටියේය.
පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මැයි දින සැමරුමට සමස්ත ලංකාවම නියෝජනය කරමින් සාමාජිකයන් සහභාගි කර ගන්නා බවද ඔහු පැවසීය.

popular news
-
Champa Wednesday, 03 April 2019 05:28 PM
මේ ඉන්නෙත් සිරිසේන එක්ක එකතු වෙලා 2015 අගෝස්තු චන්දෙදි මහින්දගේ අගැමතිකම නැති කරපු දිව දෙකේ මිනිහෙක්. යූඑන්පී එක විතරක් නෙමෙයි මෙවුන් ඔක්කොම ගෙදෙර යවන්න ඕනේ. තියන්නකෝ චන්දෙ. දෙකෙන් මොක වුනත් කමක් නැහැ. ගිය පාර අපි හිටියේ නැහැනේ. මේ පාර ඉන්නවා. සිරිසේන හදන්නේ මේ පාරත් යූඑන්පී ආණ්ඩුවක් පිහිටුවන්න. ජනාධිපතිවරණෙ වුනත් ඒ පැත්තට වාසි කරන්න හදන්නේ. මර්දන පනත් interceptors ගේන්න හදන්නේ ඒකට. චන්ද කොම්පැනියේ කළුවර සභාපතිවත් තියාගෙන ඉන්නේ 2015 වගේ හොර චන්ද වලින් දිනන්න්න. FB websites, e-papers වලින් වැඩක් නැහැ. මේ පාර මිනිස්සු මහ පාරට එනව. මාත් එනවා අනිවාර්යයෙන්ම. 2015 ලැස්ති වෙලා හිටියේ නැහැ. දැන් නම් ලෑස්තියි ඕනේ වෙලාවක. හංගන්න දෙයක් නැහැ. සිරිසේන්ටයි රනිල්ටයි බලය වැඩියි. ඒ කියන්නේ එකක් බලයේ ඉන්න නිසා. අනික තමයි විදේශ රටවල් හුඟක් සහ කොටි ඩියස්පෝරාව රට ඇතුලට ඇවිල්ල රටේ සම්පත් ව්‍යාපාර කර්මාන්ත ඉඩම් අරන් තියෙන එක. ඒ හින්ද මේ වගේ ද්‍රෝහියෝ නැතුව බෑ. ඊළඟ චන්ද දෙකම දිනන්න වෙන්නේ තනිකරම ජනතාවගේ හයියෙන්. විසිල් දෙකක් ඇති මිනිස්සුන්ව පාරට ගන්න. ඒ තරම් තිත්තයි මේ ද්‍රෝහීන් දෙන්නව මිනිස්සුන්ට.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

