SLFP ජනපති අපේක්ෂකයා මෛත්‍රීමයි
ඉදිරි ජනාධිපති අපේක්ෂකයා තෝරාගැනීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදය මත සිදුවන බවට ආණ්ඩුවෙන් ඉවත්වූ 16 දෙනා සඳහන් කළද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාම බව එම පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය.
ආණ්ඩුවෙන් ඉවත් වූ කණ්ඩායම වාසි තකා ඒකාබද්ධ විපක්ෂය සමග එකතු වී සිටියද, 2015 ජනවාරි 08 වැනිදායින් පසු මොවුන් වාසි තකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එකතු වූ බවද ඔහු පවසා සිටියේය.
පක්ෂයේ ප්‍රධාන අරමුණ රට හැදීම බවත්, මේ අනුව දේශපාලනයේ ජනප්‍රිය චරිතයක් වූ පමණින් රට හැදීමට නොහැකි බවත් ජාතික සංවිධායකවරයා කියා සිටියේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දේශපාලනයේ ජනප්‍රිය චරිතයක් බවත්, එසේ වූයේ යැයි කියා ඔහුට රට පාලනය කළ හැකිදැයි ප්‍රශ්නයක් තිබෙන බවත් අමාත්‍යවරයාසඳහන් කළේය.
පොහොට්ටුව නැවත වතාවක් ගමන් කරමින් තිබෙන්නේ පවුල්වාදයට බවත්, 2015 ජනවාරි 08 වැනිදා ජනතාව පරාජයට පත් කළේද පවුල්වාදය සහ ඒකාධිපතිවාදය බවත් ඒ මහතා පවසා සිටියේය.
16 දෙනාගේ කණ්ඩායම පවසන ආකාරයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදය ලැබෙන කෙනෙකු ජනාධිපති අපේක්ෂකයා වන්නේ නම්, හිටපු ජනාධිපතිවරයාගේ සිතේ තිබෙන්නේ තම සහෝදරයෙකු ජනාධිපති අපේක්ෂකයෙකු බවට පත් කිරීම යැයිද දුමින්ද දිසානායක මහතා කියා සිටියේය.
එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පමණක් බවද හෙතෙම සඳහන් කළේය.

popular news
-
ranga Thursday, 05 July 2018 09:50 AM
අනිවාර්යෙන් පරාදඉ
Reply : 7 15
Sathya Thursday, 05 July 2018 09:52 AM
ඔච්චර පවුල්වාදයට විරුද්දනම් ඔබතුමා මොකටද තාත්තගේ පිනා චාන්ස් එකෙන් පාර්ලිමේන්තු අවේ. තාත්තගේ නමනේ තාමත් චන්දෙදි පෝස්ටර්වල විකුනන්නේ. දිස්ත්රීක්කේ ඔබට වඩා උගත්, බුද්ධිමත් , වැඩ පුළුවන් කෙනෙක්ට ඉඩ දීල පාඩුවේ ඉන්න තිබුනනේ. තමන්ට කන්න ඕනි උනාම කබරගොයත් තලගොයා වෙනවා නේද? රටේ කෘෂිකර්මෙට මේ කල විනාසයට නීතියෙන් දඬුවම් ලැබුනත් නැතත් හර්ද සාක්ෂියෙන් ගැලවීමක් ලැබෙන එකක් නෑ
Reply : 5 8
Deepal Nirosh Friday, 06 July 2018 09:40 AM
එකකොට ලකුණ හංසයාද? අතද? පුටුවද? බුලතද?
Reply : 0 0
liyanage Friday, 06 July 2018 01:04 PM
ඈප රාජසන්තක වෙයි දුමින්ද
Reply : 0 0
rocky Saturday, 07 July 2018 07:47 AM
මං හිතුවේ මර්වින් සිල්වමහත්තයට චාන්ස් එකක් ලැබේවි කියලයි. දැන් ඉතින් පුරස්නයක් නැහැ. අනිත් පැත්තෙන් කවුරු ඉල්ලුවත් දිනනවා ෂුවර්!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

