SLFP අයට UNP සංවිධායක ධුර දෙනවා
සංවිධායකවරයෙකු සොයා ගැනීමට නොහැකි තරමට එක්සත් ජාතික පක්ෂය කඩාවැටී තිබෙන බවත්, මේ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන්ට එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධායක තනතුරු ලබාදෙන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
එක්සත් ජාතික පක්ෂය ආර්ථිකය විනාශ කරමින් තිබෙන බවත්, මේ නිසා සියලු දෙනා අලුත් වෙනසක් බලාපොරොත්තු වන බවත් එම පක්ෂයේ මධ්‍යම කාරක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා සඳහන් කළේය.
කඩිනමින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කළ යුතු බවත්, පළාත් පාලන ආයතන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුබෑමකට ලක්වුවද, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙනයන වැඩපිළිවෙළට අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට ශක්තිමත් වී තිබෙන බවත් අද (12දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම පවසා සිටියේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ගොස් එක්සත් ජාතික පක්ෂයේ තනතුරු ලබා ගත් අයගේ පක්ෂ සාමාජිකත්වය මේ වන විටත් අහෝසි වී ගොස් තිබෙන බවද ඒ මහතා පැවසීය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
