හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාට සමගි ජන බලවේගය පක්ෂයේ මාතර දිස්ත්‍රික් කණ්ඩායම් නායක ධූරය හිමිව තිබේ.
සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් කණ්ඩායම් නායකවරයා ලෙස කටයුතු කළ මංගල සමරවීර මහතා පසුගියදා මැතිවරණ කටයුතු වලින් ඉවත් වීමට ගත් තීරණයත් සමඟම මාතර දිස්ත්‍රික් කණ්ඩායම් නායක ධූරය පුරප්පාඩු වුණි.
නව තනතුර පිළිගැනීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් මාතර දිස්ත්‍රික්කයට නායකත්වය ලබා දීමට තමා සූදානම් බව බුද්ධික පතිරණ මහතා ප්‍රකාශ කර සිටියේය.
