ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්රකාශනය ඉදිරි දෙසතිය ඇතුළත ජනතාවට ඉදිරිපත් කරන බවත්, ඒ අනුව පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්රකාශනය සංශෝදනය කර මෙලෙස ඉදිරිපත් කරන බවත් සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පැවසීය.
එමෙන්ම සමගි ජනබලවේගය මේ වනවිට මැතිවරණ සඳහා වූ ප්රචාරක ව්‍යාපාරය ආරම්භ කර ඇති බවත්, 'දිනමු' යන්න මෙවර තේමාව බවත් ඇතුල්කෝට්ටේ සමගි ජනබලවේග කාර්යාලයේ අද (15දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේය.
ඉදිරි මහ මැතිවරණ අපේක්ෂකත්වයෙන් ඇතැම් පිරිස් ඉවත් වුවද එය සමගි ජනබලවේගයේ මැතිවරණ ව්‍යාපාරය දුර්වල වීමක් සිදු නොවන බවත්, එලෙස තමා කිසි ලෙසකින් සජිත් ප්‍රේමදාස මහතා හැර නොයන බවත් තිස්ස අත්තනායක මහතා පැවසීය.