SIU හෙට සංගක්කාර කැඳවයි
2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පාවාදීමේ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට එවකට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ කුමාර් සංගක්කාර මහතා ක්‍රීඩා වැරදි පිළිබඳ විශේෂ පොලිස් විමර්ශන ඒකකයට හෙට (02දා) කැඳවීමට නියමිතය.
මේ අතර ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරුවකු වූ උපුල් තරංගගෙන් ක්‍රීඩා වැරදි පිළිබඳ පොලිස් විශේෂ විමර්ශන ඒකකය අද (01දා) පෙරවරුවේ පැය තුනක ප්‍රකාශයක් ලබාගත් අතර මීට පෙර එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා මහතාගෙන් සහ මෙම චෝදනාව එල්ල කළ එවකට ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි.

popular news
-
Wi Wednesday, 01 July 2020 04:23 PM
Sickening polticos slaves? Trying to show off that politico bmpkins are bigger than crickters, bcause of the Homagama showdowm, Never give up.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

