SF ආවත් ගන්නේ නෑ - දිනේෂ්
තිරසර සංවර්ධන,වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ඒකාබද්ධ විපක්ෂයට පැමිණියද ඔහු බාර නොගන්නා බව ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අද (31දා) පැවසීය.
අගෝස්තු 02 වැනිදා කොළඹදී පවත්වන ජනබල සේනා විරෝධතාවය සම්බන්ධව දැනුම්වත් කිරීම වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂය විසින් බොරැල්ල ඇන්.ඇම්.කේන්ද්‍රයේ පැවැත් වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව කියා සිටියේය.
වත්මන් ආණ්ඩුවෙන් පසුව ෆොන්සේකා මහතාගේ දේශපාලනය අවසන් බවත්, එවැනි පුද්ගලයෙකු සම්බන්ධ කර ගැනීමෙන් ප්‍රයෝජනයක් අත්නොවන බවත් හෙතෙම වැඩිදුරටත් මෙහිදී පැවසීය.

popular news
-
dhamneth Wednesday, 01 August 2018 09:47 AM
ඔබතුමාගේ දේසපාලන බංකොලොත්බව කතාවෙන් පේනවා කවදාවත් නොයෙන පුද්ගලයින් ආවත් ගන්නේ නැහැ කීමෙන්.
Reply : 0 1
rocky Wednesday, 01 August 2018 06:31 PM
ෆොන්සේකා මහත්තයාගේ නොවෙයි, දිනේෂ් උන්නැහේගේ දේශපාලන ජීවිතේ දැන් අවසන් වෙලයි, තියෙන්නේ. ඔය වගේ බන්කොලොත්කාරයන් ඉන්න පැත්ත පළාතකට වත් ෆොන්සේකා මහත්තයා යන්නේ නැහැ!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

