SEMI බස් ගැන වාර්තාව මේ සතියේදී
අර්ධ සුඛෝපබෝගී බස් රථ සේවාව සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිසම විසින් සිදුකළ අධ්‍යනයේ වාර්තාව මේ සතියේදී ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතාට භාරදීමට නියමිත බව අමාත්‍යාංශය සඳහන් කරයි.
අර්ධ සුඛෝපභෝගි බස් රථ සේවාව අවසන් කිරීම කෙරෙහි මේ වනවිට අමාත්‍යවරයාගේ අවධානය යොමු වී ඇති නමුත් දැනට එම බස් රථ 400ත් පමණ සේවයෙහි යොදවා ඇති බැවින් එම බස් රථ මගී ප්‍රවාහනය සඳහා යෙදවා ඇති පාර්ශ්වවල ඉල්ලිම් කෙරෙහිත් සවන් දිය යුතුව ඇතැයි අමාත්‍යාංශය නිවේදනය කරයි.
එබැවින් අර්ධ සුඛෝපභෝගි බස් රථ සේවාව අවසන් කරන්නේ නම් ඒ වෙනුවට ඔවුන්ට ලබා දිය යුතු විකල්පය සම්බන්ධයෙන් එම පාර්ශ්ව සමග සාකච්ඡා කර නිර්දේශ ඉදිරිපත් කරන ලෙසත් අමාත්‍යවරයා ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් දී තිබුණි.
popular news
-
බණ්ඩාර Wednesday, 05 February 2020 09:16 AM
දැනට තිබෙන අර්ධ සුකොපභෝගී බස්රථ වල තිබෙන සියලු පහසුකම් සාමාන්‍ය බස් රථ වලද තිබේ.මගීන් පැටවීමත් සමානය.එනම් සාමාන්‍ය බස් වල මෙන් පොල් පටවන්නා සේ මගීන් පටවයි.වෙනසකට තිබෙනුයේ මගීන්ගෙන් අමතර 50% මුදලක් අර්ධ සුකොපභෝගී කියා මංකොල්ල කෑම පමණි. එම නිසා මෙම අර්ධ සුකොපභෝගී කියාගන්නා බස් රථද සාමාන්‍ය ගාස්තු යටතේ ධාවනයට ඉඩදීම මගියාට කරන සාධාරණය වේ.මගියා ගැන නොසිතනවා නම් මොකක් හෝ බොරුවක් කියා මෙම මාෆියාව දිගටම කරගෙන යාමට ඉඩ දෙන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

