සයිටම් ශිෂ්‍යයන් කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළත් කර ගැනීමට ගෙන යන වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව මාලඹේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංසදය සඳහන් කරයි.
මේ නිසා සයිටම් ආයතනයේ සියලුම ශිෂ්‍යයන් කඩිනමින් කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළත් කර ගන්නා ලෙස ඉල්ලමින් අද (31දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සංදේශයක් භාර දුන් බව එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.
සයිටම් ශිෂ්‍යයන් කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළත් කර ගැනීමේදී පළමු කණ්ඩායමේ සිට පස්වැනි කණ්ඩායම දක්වා මුලින් බඳවා ගැනීමට සැලසුම් කළ බවත් එහෙත් එම කටයුතු ප්‍රමාද කරමින් අවසන් වරට බඳවා ගත් 14 වැනි කණ්ඩායමේ සිට ශිෂ්‍යයන් බඳවා ගැනීමට සැලසුම් කර තිබෙන බවද කියා සිටියේය.
මීට අමතරව සුදුසුකම් නොමැති 54 දෙනෙකුත් කොතලාවල පීඨයට ඇතුළත් කර ගැනීමට විවිධ පිරිස් කටයුතු කරමින් සිටින බවත් මේ හරහා සයිටම් ආයතනයේ ඉගෙනුම ලැබූ සුදුසුකම් සහිත පිරිස්වලට කොතලාවල පීඨයට ඇතුළත් වීමට තිබෙන අවස්ථාව තවදුරටත් කල් යමින් තිබෙන බවද සඳහන් කළේය.
