එක්සත් රාජධානියේ පුද්ගලික ආරක්ෂණ උපකරණ (PPE) සැපයුම්කරුවන්ට රජයේ කොන්ත්‍රාත්තු දේශපාලන සබඳතා මත ලබාදීම දස ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.
එරට බදාදා ප්‍රකාශයට පත් කරන ලද ජාතික විගණන කාර්යාල වාර්තාවට අනුව කෝවිඩ් -19 වසංගතයට ප්‍රතිචාර වශයෙන් පුද්ගලික සමාගම්වලට ඇ.ඩොලර් බිලියන 23.9ක් වටිනා PPE කොන්ත්‍රාත්තු 8,600කට වැඩි ප්‍රමාණයක් ප්රදානය කිරීමේදී එක්සත් රාජධානියේ රජයේ විනිවිදභාවයේ පැහැදිලි ඌනතාවක් හෙළිවී ඇත.
එහිදී ඇ.ඩොලර් බිලියන 13.2ක වටිනාකමින් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් 'ඉහළ ප්‍රමුඛතා' ලෙස ලේබල් කරමින්, දේශපාලන සබඳතා පවතින සමාගම්වලට ප්රදානය කර ඇත. එයින් අදහස් කරන්නේ සැපයුම්කරුවන්ට කොන්ත්‍රාත් සඳහා තරඟ කිරීම සඳහා මට්ටමේ අවස්ථාවක් සහතික කිරීම සඳහා පවතින සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය මඟහැර ඇති බවය.
මෙම හෙළිදරව්ව සිදුවන්නේ එක්සත් රාජධානියේ විපක්ෂයේ දේශපාලඥයන් සහ විනිවිදභාවය පිළිබඳ ක්‍රියාකාරීන් මාස ගණනක් පුරා එල්ල කළ චෝදනාවලින් පසුව ය. ඒ අනුව මෙවැනි අතිශය භයානක වසංගතයක් හමුවේ ලොවපුරා පිරිසක් ජීවිතය ඉල්ලා යදින විට, තවත් පිරිසක් ඒ ජීවිත රැකගැනීමට තම දිවි පරදුවට තබා වෙහෙසෙන විට, තවත් පිරිසක් බොහෝ පහසුවෙන් තම මඩි තරකර ගන්නේ මෙලෙසිනි.