වෙළෙඳ පොළේ පවතින සහල් මිල පාලනය කිරීම සඳහා වී අලෙවි මණ්ඩලය මිලදී ගත් වී තොග සහල් බවට පත්කර වෙළෙඳ පොළට හෙට (29දා) සිට නිකුත් කරන බව වී අලෙවි මණ්ඩලය සඳහන් කරයි.
මේ අනුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අනුබද්ධිත ආයතනවලදී රතු කැකුළු, සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 73ක මුදලකටත්, නාඩු සහල් කිලෝවක් රුපියල් 75කටත් ලබාදෙන බව එම ආයතනයේ සභාපති උපාලි මොහොට්ටි මහතා සඳහන් කළේය.
සාමාන්‍ය වෙළෙඳ පොළ තුළදී රතු කැකුළු, සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 83ක මුදලකටත්, නාඩු සහල් කිලෝවක් රුපියල් 85කටත් අලෙවි කරන බවත්, ‘PMB Rice’ නාමය යටතේ සහල් නිකුත් කිරීම සිදුවන බවත් සභාපතිවරයා මෙහිදී සඳහන් කළේය.