PCR පරීක්ෂණ 150,000 ක් ඉක්මවයි
COVID-19 ආසාදිතයින් හදුනා ගැනීමට සිදු කරන PCR පරීක්ෂණ 150,000 ක් අද දිනය (24) වනවිට සිදුකොට අවසන් බව සුව ඇමැතිනිය පවසයි.
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද දින (24) මෙම අදහස් දක්වන ලදි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යතුමිය - "කොවිඩ් - 19 රෝගය රට තුල පැතිරීම වැළැක්වීම හා පාලනය සදහා රජයක් විදිහට අප සියළු පියවර ගෙන තිබෙනවා. කොවිඩ් වෛරසය ආසාදිතයින් හදුනා ගැනීම සදහා සිදු කරනු ලබන PCR පරික්ෂණ 150,000 (එක්ලක්ෂ පනස්දහසක්) අද දිනය වන විට සිදු කර අවසන්."
"කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ රෝගීන් ආශ්‍රිතව PCR පරික්ෂණ 8,200 ක් පමණ මේ වනවිට සිදු කර තිබෙනවා. කන්දකාඩු පුනරුත්ථාපන කඳවුර ආශ්‍රිතව තිබෙන පොකුර තුලින් වෛරසය සමාජගතවීම වැළැක්වීම සදහා සම්පූර්ණයෙන්ම රජයක් විදිහට අවශ්‍ය පියවර ගෙන, වෛරසය සමාජය තුල පැතිරීම සම්පූර්ණයෙන් ම පාලනයට ගැනීමට හැකි වූ බව ප්‍රකාශ කරන්න කැමැතියි."

popular news
-
Demuni Uduwara Saturday, 25 July 2020 05:05 PM
As per the world report as at 24th it is 143673.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
