NYT ලිපිය ගැන FCIDයට තවත් පැමිණිල්ලක්
2015 වසරේ පැවැති ජනාධිපතිවරණයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ඩොලර් මිලියන 7.6 ක හම්බන්තොට වරාය ගිණුම මගින් චීනය ලබාදීම පිළිබඳව නිව්යෝර්ක් ටයිම්ස් (The New York Times) පුවත් පත කළ අනාවරණය පිළිබඳව වහාම පරික්ෂණයක් ඉල්ලා වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය අද (29දා) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට(FCID)පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
මෙහිදී වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරයේ සභාපති චතුරංග ද අල්විස් මහතා,
"මේක නිකන්ම නිකන් සල්ලි ගැනිල්ලක් නොවේ රටවල් දෙකක් අතර සිදුවන ගණුදෙනුවක් ඇගේ අමාරුවට සල්ලි දෙන රටවල් නෑ. ඉතාම පැහැදිලිව මොන ආණ්ඩුවක් හරි වෙනත් රටකින් සල්ලි ගන්නවා නම්,ඩීල් කරනවා නම් ඒ පිටුපස භයානක කුමන්ත්‍රණයක් තියේන බව අපි අමුතුවෙන් කියන්න ඔනේ නෑ.
එහෙනම් දැන් මොකක්ද ප්‍රශ්ණය වහාම පරික්ෂණයක් කරන්න.ජනාධිපති කොමිසමක් පත් කරන්න,රට පාවාදිලා ඡන්ද කරපු අය අල්ලන්න මෙන්ම නියම වෙලාව ආණ්ඩුවට රාජපක්ෂල එක්ක ඩිල් එකක් නෑ කියලා පෙන්නන්න.
ඒ නිසා අපි කියනවා තැන තැන කෙකර ගගා ඉන්න එපා වහාම් පරික්ෂණ ආරම්බ කරන්න ඒ විතරක් නොවේ රාජපක්ෂලාත් දැන් එලියට ඇවිල්ලා කියන්න ඇත්ත මොකක්ද කියලා.ඔය පන්සලකට දෙකකට ගිහින් උනත් කියන්න පුලුවන්නේ අපේ ගත්තේ නෑ හමුදුරුවනේ අපිට දුන්නා විතරයි කියලා." යැයි පැවැසීය.

-
Champa Friday, 29 June 2018 09:14 PM
රනිලුයි යූඑන්පී ගැන් එකයි සිංගප්පූරු ගිහින් මහින්ද පරදන්න සල්ලි ගන්න කොට කොහෙද හිටියේ? මහින්දව පරද්දන්න මංගල දෙමල ඩියස්පෝරා එකෙන් සල්ලි ඉල්ලුව කියල සුරේන් සුරෙන්තිරන් කියපු එක ලංකාවේ දෙමල පත්තරේ වැටෙන කොට කොහෙද හිටියේ? ටෝනි බ්ලෙයාර් ලංකාවටම ඇවිල්ල අගෝස්තු ඡන්දෙට සල්ලි දෙනකොට කොහෙද හිටියේ? රනිල් මහ බැංකුව කොල්ල කනකොට කොහෙද හිටියේ? COPE එකේ හිටපු ඇමතිලා දෙන්නෙක් තමන් ඇලෝසියස් ගෙන් අල්ලස් ගත්ත කියල එළිපිටම පිළිගන්න කොට FCID මතක් වුනේ නැත්ද? - රටවල් දෙකක් අතර ගනුදෙනුවක්! රනිල්ට ඇමරිකන්කාරයගෙනුයි කොටින් ගෙනුයි කළු සල්ලි ගන්න හොඳයි. මහින්දත් කළු සල්ලි නොගත්ත එකද වැරැද්ද? 2015 ජනවාරි කරපු වැඩේ මෙදා පාර වේලාසනම වගේ පටන් ගන්න යන්නේ. ගිය පාර හොරෙන් කරේ. මේ පාර එළිපිටම. New York Times කියපු එකක් අල්ලන් එනව. ඇයි මොකොද New York Times එක බයිබලේද කියන එක අදහන්න?
Reply : 6 4
Oshan Saturday, 30 June 2018 02:52 PM
Ochchara mahindata kade yanna epa.mahinda kochchara horakam karada kiyala minissu dannawa.ranilgei mahindagei deel nisa berila innawa
Reply : 0 0
Champa Friday, 29 June 2018 09:24 PM
ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකන් ජනාධිපතිම කිව්වට පස්සේ උන්ගේ පත්තර වල දාන්නේ බොරු ප්රවෘත්ති කියල, ලංකාවේ අපි මොකොටද උන් කියන ඒවා පිළිගන්නේ? ඩොනල්ඩ් ට්‍රම්ප්ට විරුද්ධව චෝදනාවක් තියෙනවා චන්ද කාලේ අයුතු විදියට පුටින්ගෙන් උදව් ගත්ත කියල. ඒවත් රටවල් දෙකක් අතර ගනුදෙනුවක්. 2016 චන්දෙ දවස්වල ට්‍රම්ප් 80 පාරක් පුටින්ට කතා කරලා තියෙනව කියලා CNN කිව්වා. ඒ ගැන කතා නැහැ. සුද්දගේ පත්තරේ දැක්කහම සුද්දගේ සපත්තු ලෙවකන වහලුන්ට එකපාරට FCID මතක් වෙනවා. අල්ලස් කොමිසම මතක් වෙනවා. New York Times එකේ කතාවට මහින්දව FCID හරි, අල්ලස් කොමිසමට හරි ගෙනැල්ල තිබුනොත් බලාගත්තහැකි. ---- විමල් මේක බැලුවොත් - මහින්ද වෙනුවෙන් New York Times එකට විරුද්ධව දවසක් දාමු මිනිස්සුන්ව පාරට ගේන්න. ඇමරිකන් එම්බසිය ඉස්සරහටම ගිහින් පෙළපාලියක් ගිහින් ඇමරිකන්කාරයට උන්ගේ වැඩක් බලාගෙන ඉන්න කියලා කියමු, අපේ රටේ වැඩ වලට ඇඟිලි ගහන්නේ නැතුව. හැම එකාම ඒකට උත්තරයක් ඉල්ලනවනේ. මහින්ද වෙනුවෙන් ලක්ෂ ගානක් මිනිස්සු පාරට ගෙනල්ල උත්තරේ දෙමු. මහින්ද වෙනුවෙන් රටම උත්තර දෙන්න ලෑස්ති කියලා New York Times එකට පෙන්නමු. Come come, let's do this.
Reply : 4 4
Manel Saturday, 30 June 2018 04:16 AM
රවී- පාල රජය කුණු කුඩයට වැටිලා තියෙන වෙලාවේ ඒක වහන්න දඟලන නරියන්ව හඳුනා ගන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

