NYT කර්තෘගේ චෝදනාව නාමල් ප්‍රතික්ෂේප කරයි
නිව්යෝක් ටයිම්ස් පුවත් සේවය හම්බන්තොට වරාය සම්බන්ධයෙන් පළකළ මාධ්‍යවේදිනියන් දෙදෙනාට තමා හෝ තම පියා වන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කිසිදු අවස්ථාවක තර්ජනය නොකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
මේ අතර නිව්යෝක් ටයිම්ස් පුවත් සේවයේ ජාත්‍යන්තර කර්තෘ මයිකල් ස්ලැක්මන් ඊයේ (03දා) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තම මාධ්‍යවේදිනියන් දෙදෙනාට තර්ජනය කර ඇති බවයි.
මේ සඳහා සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් මන්ත්‍රීවරයා ඉහත අදහස් දැක්වීය. එසේම එම මාධ්‍යවේදිනියන් දෙදෙනාට තර්ජනය කළ බවට සඳහන් මන්ත්‍රීවරුන්ගේ නම් ඉදිරිපත් කරන ලෙසත් එය කවදා කොහේදී සිදූවුවක්දැයි යන්න සදහන් කරන ලෙසත් මන්ත්‍රීවරයා පවසා සිටියි.
මෙවැනි ආකාරයක අසත්‍ය ප්‍රකාශ හේතුවෙන් තමන්ට නිව්යෝක් ටයිම්ස් පුවත් සේවය හා ගැටලුවක් ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.
ජනමාධ්‍යවේදීන් දේශපාලකයන් විවේචනය කරන්නා සේම තමන් පිළිබඳව පළවන අසත්‍ය වාර්තා පිළිබඳව විවේචන එල්ල කිරීමට දේශපාලකයන්ටද අයිතියක් ඇති බවත්, නිව්යෝක් පුවත් සේවය මේ ආකාරයේ වැරදි ලිපි පළ කළේ පළමු අවස්ථාවට නොවන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියි.

-
rocky Tuesday, 03 July 2018 05:50 PM
චෝදනා කර තිබෙන්නේ ඔබට නොව ඔබේ අති ගරු පියාණන් වහන්සේටයි. ඔබ මේකට හොට දාන්නේ ඇයි? බල්ලාගේ වැඩේ බුරුව බාර ගන්න ඕන නැහැ නේ!
Reply : 0 0
Champa Tuesday, 03 July 2018 06:22 PM
New “Joke” Times International Editor Michael Slackman thinks that journalism and criticism is only one sided. He thinks that their newspaper could publish any bulls… but other party has no right to defend. ------ New “Joke” Times is engaged in “Yellow Journalism” to attract readers to the newspaper. I am sure their ratings are low. That is why they publish a BIG eye catching HEADLINE like “Mahinda Rajapaksa and China” knowing fully well that the topic sells like hot cakes. MR should IGNORE them unless of course he wants them to (mis)use his name to attract world attention to the New “Joke” Times to increase their ratings.
Reply : 0 0
Ruwan Tuesday, 03 July 2018 09:33 PM
නාමල් මහත්තයෝ, නිකන් වැල් බයිලා ගහන්නේ නැතුව නිව් යෝර්ක් ටිමෙස් පත්තරේට විරුද්දව නඩුවක් දාන්නකෝ. ඔබත් නිකන් තාත්ත වගේම ගැලරියටම thamayi කතා කරන්නේ. ලංකාවේ දැන් ඉන්නේ හුඟ බුද්ධිමත් ජනතාවක් nisaa ඔය ගැලරි කතාවලින් දැන් wadak naha.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

