NYT ලිපිය අසත්‍ය කරුණුවලින් සමන්විතයි
නිව් යෝක් ටයිම්ස් පුවත් සේවය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පිළිබඳව හා චීනය ශ්‍රී ලංකාවේ කළ ව්‍යාපෘති පිළිබඳව පළකළ වාර්තා අසත්‍ය කරුණුවලින් සමන්විත බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.
හිටපු මහ බැංකු අධිපතිවරයා සිය ෆේස්බුක් ගිණුමට කළ ප්‍රකාශයක මේ බව දැක්වෙයි. එසේම ජනමාධ්‍යයේ සත්‍ය නම් මූලික කරුණ මෙම ලිපිය හරහා උල්ලංඝනය කර ඇති බවත් ඔහු පවසයි.
එසේම මෙම ලිපිය ලියූ නිව් යෝක් මාධ්‍යවේදිනිය වන මාරියා අබි හබීම් මැයි 10 දා තමන් හමුවූ බවත් ඇයගේ ප්‍රශ්ණ සඳහා පැයක පමණ කාලයක් පිළිතුරු ලබාදුන්නත් ඒවා ඇය විසින් ඉවත දමා ඇති බවත් ඔහු පවසයි.
එසේම මෙම මාධ්‍යවේදිනිය එක් අන්තයක් පමණක් වාර්තා කර ඇති බවත් එම ලිපිය සම්බන්ධවෙන් විස්තරාත්මක පිළිතුරක් ලබාදෙන බවත් ඔහු පවසයි.

-
Champika Friday, 29 June 2018 01:23 PM
දිවුරුම් ප්‍රකාශයක් දෙන්න.
Reply : 0 0
rocky Monday, 02 July 2018 06:40 PM
හොරු හොරුන් වෙනුවෙන් පෙනී සිටීම ගණන් ගන්න දෙයක් නොවෙයි!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

