මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාර සඳහා චීන සමාගමකින් මුදල් ලැබීම පිළිබඳ 'නිව්යෝක් ටයිම්ස්' පුවත්පත අනාවරණය කළ සිදුවීම පිළිබඳ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය.
නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මේ සම්බන්ධයෙන් පොලීසියට කළ පැමිණිල්ලක් අනුව එම පරීක්ෂණ සිදුවන බවද අග්‍රාමාත්‍යවරයා අද (04දා) පාර්ලිමේන්තුවට පැවසීය.
අගමැතිවරයාගෙන් ප්‍රශ්න ඇසීමේ වටයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව කියා සිටියේය.
සිය ප්රශ්නය යොමු කරමින් මරික්කාර් මන්ත්‍රීවරයා, "නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ වාර්තා කරලා තිබුණා 2015 ජනාධිපතිවරණය ආසන්නයේදී ඩොලර් මිලියන 7.6ක් හිටපු ජනාධිපතිතුමාගේ මැතිවරණ ව්‍යාපාරයට ලබාදුන්නා කියලා. ඒකෙන් මුදල් වෙන්කරපු ආකාරයත් සඳහන් කරලා තිබුණා. මේ සම්බන්ධයෙනුත් බැඳුම්කර කොමිසම පත්කළා වගේ විභාග කරන්න ආණ්ඩුව කටයුතු කළාද, නැද්ද කියලා මම දැනගන්න කැමැතියි"යැයි පැවසීය.
එම අවස්ථාවේදී පිළිතුරු දෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ, "රන්ජන් රාමනායක ඇමතිතුමා පොලීසියට කරපු පැමිණිල්ලක් අනුව පොලීසිය විසින් සී.අයි.ඩී.යට බාරදීලා තිබෙනවා මේ ගැන විභාග කරන්න. ඊට පස්සේ අදාළ පියවර ගන්නවා. 'නිව්යෝක් ටයිම්ස්' පත්තරේ කර්තෘ ප්‍රකාශ කරලා තිබෙනවා ඒ මාධ්‍යවේදීන්ට තර්ජනය කරලා තිබෙනවා කියලා. මේක හොඳ තත්ත්වයක් නෙවෙයි.
මේ රටේ එක්නැලිගොඩ මැරුවා, ලසන්ත වික්‍රමතුංග මැරුවා, කීත් නොයාට ගැහුවා, උපාලි තෙන්නකෝන්ට ගැහුවා. මේක කළේ ආණ්ඩුවෙන්. දැන් විපක්ෂයේ ඉඳගෙන කියනවා නිව්යෝක් ටයිම්වලට ගහනවා කියලා. ඒක වැරදියි. ප්රජාතන්ත්රවාදය ගැන කතා කරනවා නම්, ඒ කරපු ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්න කියලා මම කියනවා. මාධ්‍ය මේ ගැන කටයුතු කරන්න" යනුවෙනි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 2015 ජනාධිපතිවරණ ව්‍යාපාරය සඳහා %චයිනා හාබර්^ සමාගමට අයත් පෞද්ගලික බැංකු ගිණුමකින් අමෙරිකානු ඩොලර් මිලියන 7.6ක මුදලක් ලබාගෙන ඇති බව %ද නිව්යෝක් ටයිම්ස්^ පුවත්පත පසුගිය 26 වැනිදා අනාවරණය කළේය.