NYTයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා - නාමල්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තොරතුරු ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතනවලට ලබානොදී ඇමෙරිකාවේ ‘ද නිව්යෝක් ටයිම්ස්‘ පුවත්පතට ලබාදී තිබේනම් ඒ සම්බන්ධව රජය වහාම පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (01දා) පැවසීය.
මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තොරතුරු උපයෝගී කරගෙන ඇමෙරිකාවේ ද නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත චීනය වරායක් මිලදී ගත් හැටි යන ලිපිය සකස් කර ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පවසා තිබෙන බවත්, ඒ ආකාරයට රාජ්‍ය රහස් විදේශයකට ගොස් තිබේනම් එය ආරක්ෂාව අතින් බරපතළ තත්ත්වයක් බවත් රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.
‘චීනය ලංකාවෙන් වරායක් ලබාගත් හැටි ‘මැයෙන් අසත්‍ය තොරතුරු ඇතුළත් ලිපියක් පළකර තිබීම සම්බන්ධව නිව්යෝක් ටයිම්ස් පුවත්පතට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත්, ඒ සඳහා ජ්‍යෙෂ්ඨ නීතිඥ කණ්ඩායමක් ඉදිරිපත්වී සිටින බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
NYT ලිපියේ වැරදි ගොඩයි - නාමල්

popular news
-
chathuri Monday, 02 July 2018 02:30 AM
ඇමරිකා ව. සමග. නඩු. කියන්න. තත් තලා පුතාලට හොරකම් කරපු. සල්ලි. මදි වෙයි , ඒ. නිසා. චන්දෙන් පසුව. තීරණ යකට. එන්න. බලය. තියෙනකොට. හොරකම් කරන්න. ලේස්යි. මේ නඩුවට. උත්තර. බදින්නේ. ඔබද රට. හිනස්සුවට. ලෝකය. හිනස්සන්න. එපා සේරම නඩු ඇමරිකාවට. බර දෙන්න. නඩු කල්. දමන. හැටි. ,ඇප ඉල්ලන හැටි බලා ගන්න පුළුවන්. හිර. ගෙදරට. කොට්ට ගෙනියන හැටි. , වරද කරු වුනොත්. අලි දම්වැල්. දමල. ජම්පරය. අන්දවනවා ටාට. බායි. මේකිසි. දෙයක්. නැහැ. පුළුවන් ඉක්මනට. නඩුව. ඇපිල් කරන්න
Reply : 0 1
Ruwan Monday, 02 July 2018 09:23 AM
බොරුවට ලංකාවේ මාද්‍ය සංදර්ශන දාන්නේ නැතුව ඇමරිකාවට ගිහින් නඩු දාන්න. ඇමරිකාවේ නඩු දින දෙක තුනෙන් අවසන් වෙන බවත් හොඳින් මතක තියාගන්න. බොරු සංදර්ශන එපා. පුලුවන්නම් මෙම මාසය තුල මෙම නඩුව දමනමෙන් ඔබට අබියෝගයක් කරන්නත් කැමතියි.
Reply : 0 0
samson Monday, 02 July 2018 09:26 AM
නාමල් පුතා, අන්න තාත්තා පිහියකුත් අරගෙන වත්ත පහලට යනවා දැක්කා. පොඩ්ඩක් එය ගැන හොයලා බැලුවානම්!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

