NTJ මුස්ලිම් පල්ලි ඉලක්කරගත් ප්රහාරයකට සැරසෙයි?
ජාතික තව්හීත් ජමාත් සංවිධානය විසින් මුස්ලිම් පල්ලි ඉල්ක්ක කර ගත් ප්රහාර එල්ල කිරිමේ සූදානම් ඇතැයි පොලීසිය විසින් තොරතුරු අණාවරණය කරගෙන තිබේ.
පාස්කු ඉරිදා දිනයේදි ඔවුන් විසින් ක්රියාත්මක කළ ප්රහාර මාලාවට සම්බන්ධව මෙම ප්රහාර දියත් කිරිමේ සූදානමක් පවතින බව පොලිස්පති නිල කාර්යාලය විසින් විවිධ පොලිස් කොට්ඨාසවලට දන්වා තිබේ.
කුප්පු පල්ලි නොහොත් අවුලියා පල්ලි (මියගොස් සිටින මුස්ලිම් ආගමික නායකයන්ගේ සොහොන් මුල්කර ගනිමින් ඇඳහීම් සිදුකරන මුස්ලිම් පල්ලි) ඉලක්ක කර ගනිමින් මෙම ප්රහාර දියත් කිරීමේ සූදානමක් ඇතැයි පැවැසේ.
මේ සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලෙසත් එක් එක් කොට්ඨාසවලට අනියුක්ත සියලුම ප්රභූවරුන් දැනුවත් කිරීමත්, ප්රභූවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකර ආරක්ෂක විධිවිධාන යෙදවීමට කඩිනම් පියවර ගන්නා ලෙස දන්වා ඇතැයිද පොලිස්පති නිල කාර්යාලය යොමුකළ ලිපියක දැක්වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
