NTJ තවත් පුහුණු කඳවුරක් වටලයි
නුවරඑළිය බ්ලැක්ෆුල් ප්‍රදේශයේ ජාතික තව්හිද් ජමාත් සංවිධානය විසින් නුවරඑළිය බ්ලැක්ෆුල් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පුහුණුවිම් කඳවුරක් නුවරඑළිය පොලීසිය සහ යුද හමුදාව නිලධාරින් විසින් අද (06) වටලනු ලැබීය.
අම්පාර කල්මුණේ සහින්දමාර්දු ප්‍රදේශයේ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් කළ ප්‍රශ්න කිරිමේදි ඔහුගෙන් ලද තොරතුරක් මත දෙමහල් නිවසක පවත්වාගෙන ගිය මෙම කඳවුර සොයා ගැනිමට ආරක්ෂක අංශ සමත්වි ඇත.
මෙම පුහුණු කඳවුර තුළ 38 දෙනෙකු පුහුණුව ලැබු බවත්, මෙම පුහුණු කඳවුරට සහරාන්ද සහභාගි වි ඇති බවත්, දිවයිනේ ස්ථාන කිහිපයකම සිදු කල මරාගෙන මැරෙන බොම්බ ප්‍රහාරයේ අවසන් පුරුදු පුහුණු විම් අප්‍රේල් 17 වෙනි දින සහරාන්ගේද සහභාගීත්වයෙන් සිදු කල ඇති බවයි දැනට සිදු කර ඇති මුලික පරික්ෂණ වලදි අනාවරණය වි ඇත්තේ.
නුවරඑළිය බ්ලැක්ෆුල් ප්‍රදේශයේ ප්‍රධාන පාසලක් ඉදිරිපිට කෙටිකාලින කුලි පදනම මත ලබාගත් දෙමහල් නිවසකයි මෙම පුහුණු කඳවුර පවත්වාගෙන ගොස් ඇත්තේ.
එම නිවසේ අයිතිකරු සහ එම නිවසට පහසුකම් සැපයු නුවරඑළිය බ්ලැක්ෆුල් ප්‍රදේශයේම පදිංචිකරුවන් දෙදෙනෙක් නුවරඑළිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය කොට්ඨාස පොලිස් අධිකාරි ආර්.සුගතපාල මහතාගේ සහ නුවරඑළිය යුද හමුදා කඳවුරේ අණ දෙන නිලධාරි මේජර් අසිත රණතිලක, නුවරඑළිය මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක චන්දන බස්නායක යන මහතුන්ගේ අධික්ෂණය යටතේ වැඩිදුර පරික්ෂණ පවත්වයි.
හැටන් - රංජිත් රාජපක්ෂ

popular news
-
Champa Tuesday, 07 May 2019 10:12 AM
ඔන්න වැඩ. මරාගෙන මැරෙන බෝම්බ කරුවෝ එළිපිටම පුහුණු කරපු කඳවරු දැන් කීයද? තුනද? ආණ්ඩුව මේවා දන්නේ නැහැ කියන එක මම නම් කීයටවත් විශ්වාස කරන්නේ නැහැ. මුල් ඉඳලම දැනගෙන ඉඳල තියෙනවා විතරක් නෙමෙයි ඔවුන් එක්ක සම්බන්ධකම් පවත්වාගෙන ගිහිල්ලත් තියෙනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

