ඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය විසින් ලබාදෙන ඩොලර් මිලියන 480ක ප්‍රධානය ලබා ගැනීමට අදාළ ගිවිසුම පාර්ලිමේන්තුවේ අනුමැතිය අනුව අත්සන් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
ඊයේ පවැති කැබිනට් රැස්වීමේදී මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මේ බව දැනුම් දී තිබේ.
මෙම ගිවිසුම අත්සන් කිරීමට පසුගිය කැබිනට් රැස්වීමේදි කැබිනට් අනුමැතිය ලැබිණද නොවැම්බර් 16දාට පෙර එය අතසන් නොකරන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී දැනුම් දුන්නේය.