ඇමෙරිකාව සමග අත්සන් කිරිමට යෝජිතව වූ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට මෙන්ම සෝෆා ගිවිසුමට තමන් කැබිනට් මණ්ඩලය තුළදී විරුද්ධ වූ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද (21දා) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
එසේම ප්‍රතිත්‍රස්ත පනතටත් තමන් කැබිනට් මණ්ඩලයේදී විරුද්ධ වූ බවද ඔහු ප්‍රකාශ කළේය.