කෙරවලපිටිය ස්වාභාවික ද්‍රවවායු බලාගාරය ඉදිකිරීමේ කොන්ත්‍රාන්තුව ජීසීඑල් (M/S CONSORTIUM OF GCL, WINDFORCE AND RENEWGEN) සමාගම හෙවත් චීන සමාගමට පිරිනැමිය යුතු බව මුදල් අමාත්‍යාංශයේ අදහස වන බව කෙරවලපිටිය බලාගාරය සම්බන්ධයෙන් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට නිර්දේශ ඉදිරිපත්කරමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන්කර තිබේ.
කෙරවලපිටිය ස්වාභාවික ද්‍රවවායු බලාගාරය ඉදිකිරීම සම්බන්ධයෙන් ලංසු කැඳවීමේදී ලක්දනවි සමාගම ඉදිරිපත්කළ ලංසුව සඳහා එම සමාගම ප්‍රතිපූරණය කළයුතු මූල්‍ය හැකියාව සම්බන්ධයෙන් තාක්ෂණික ඇගයීම් කමිටුව නිසිලෙස පරීක්ෂාකර නැතැයි මුදල් අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයට නිර්දේශ ඉදිරිපත්කරමින් ප්‍රකාශ කර ඇත.
එමෙන්ම කෙරවලපිටිය ස්වාභාවික ද්‍රවවායු බලාගාරය සම්බන්ධයෙන් ඉංජිනේරු ඇස්තමේන්තුව වන ඇමෙකානු ඩොලර් මිලියන 300ක ප්‍රමාණය සංසන්දනය කරනවිට එම වටිනාකමින් අඩකටත් අඩු ප්‍රමාණයක් වන ඇමෙරිකානු ඩොලර් මිලියන 175 ලංසුවක් ලක්දනවි සමාගම විසින් ඉදිරිපත් කර තීබීම ගැටලු සහගත බවද අමාත්‍යාංශය සඳහන් කර ඇත.
එමෙන්ම ජාතිය ගොඩනැගීමේ බදු (NBT), එකතුකළ අගය මතු බදු (VAT) සහ වරාය සහ ගුවන්තොටුපළ බදු(PAL) සහන එම සමාගමට ලැබෙන බව ලක්දනවි සමාගම විසින් උපකල්පනය කර ඇති අතර එය වැරදි උපකල්පනයක් බවත්,මේ හේතුවෙන් ලක්දනවි සමාගම ඉදිරිපත්කළ ලංසුව ආරම්භයේදීම ප්‍රතික්ෂේප විය යුතුව තිබූ බවත් මුදල් අමාත්‍යාංශය සිය නිරීක්ෂණය තුළ පෙන්වාදී තිබේ.
එමෙන්ම ලක්දනවි සමාගම ණය පහසුකම් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 330ක මුදලක් මූල්‍ය සැලසුම් යටතේ දක්වා තිබුණද, එය නිවැරදිව තහවුරුකරගෙන නොමැති බවද මුදල් අමාත්‍යාංශය සඳහන්කර ඇත.
මේ හේතුවෙන් කෙරවලපිටිය ස්වාභාවික ද්‍රවවායු බලාගාරය ඉදිකිරීමේ කොන්ත්‍රාන්තුව ජීසීඑල් (M/S CONSORTIUM OF GCL, WINDFORCE AND RENEWGEN) සමාගමට පිරිනැමිය යුතු බවට මුදල් අමාත්‍යාංශයේ අදහස වන බවද මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සිය නිරීක්ෂණ ඉදිරිපත්කරමින් සඳහන් කර තිබේ.
මෙගා වොට් 300ක ධාරිතාවෙන් යුතු කෙරවලපිටිය ස්වාභාවික ද්‍රවවායු බලාගාරයේ ඉදිකිරීම් ටෙන්ඩරය ජීසීඑල් (M/S CONSORTIUM OF GCL , WINDFORCE AND RENEWGEN) සමාගමටලබාදීමට යෝජනාකරමින්විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් පසුගියදා කැබිනට් මණ්ඩලයට කැබිනට් සංදේශයක් ඉදිරිපත් කළ අතර, ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ විරෝධය එල්ලවිය.
එහිදී මෙම ටෙන්ඩරය ලබාදිය යුතු සමාගම සම්බන්ධයෙන් නිවැරදි තීරණයක් ගැනීමට එය ප්‍රසම්පාදන කමිටුව වෙත යොමුකිරීමට කැබිනට් මණ්ඩලය පසුගියදා තීරණය කළේය.
මෙම කරුණු සියල්ල සලකා බැලීමෙන් පසුව ජීසීල් සමාගමට ටෙන්ඩරය ලබාදීමට මුදල් ආමාත්‍යාංශය එකඟතාව දක්වා ඇත.මෙම තීරණ සම්බන්ධයෙන්ද කැබිනට් මණ්ඩලය තුළ අද (03දා) දිනයේදී සාකච්ඡාකිරීමට නියමිත බවද වාර්තාවේ.
